FAST NEWS

24×7 Around the Globe

ශයේෂා ෂයිගල්ගේ චිත්‍රපට 4ක් මේ වසරේදී..

පසුගිය වසරේදී බොලිවුඩ් සිනමාවට එක්වූ අජේ දේව්ගන් අධ්‍යක්ෂණය කළ ‘ශීවායි‘ චිත්‍රපටයෙන් එක්වූ දිලිප් කුමාර්ගේ මිණිබිරියක වන ශයේෂා ෂයිගල්ගේ චිත්‍රපට 4ක් මේ වසරේදී කොලිවුඩ්හි ප්‍රදර්ශනය වන බව වාර්තා වේ.

‘වානාමාගන්‘ දමිළ චිත්‍රපටය මේ වනවිට තිරගත වී තිබෙන අතර, ‘කරුප්පා රාජා වෙල්ලයි රාජා‘, ‘අකිල්‘ හා ‘ජන්ග්‘ චිත්‍රපට ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බවත් ශයේෂාට මේ වනවිට කොලිවුඩ් සිනමා තුළ ඉහළ ප්‍රසිද්ධියක් ලැබී තිබෙන බවත් සදහන් වේ.