FAST NEWS

24×7 Around the Globe

රිදී තිරයට යන්න තිබුණු හොඳම නිර්මාණයක් මඟහැරුණා..

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන ශනාලි වීරසිංහ සමගින් සිදු කරනු ලැබූ සංවාදයකදී එකම නාට්‍යයක පමණක් සිටීමට විශේෂ හේතුවක් ඇත්දැයි විමසීමේදී ඇය අදහස් දැක්වීම සිදුකරන ලද්දේ මෙපරිදිනි.

‘මං නාට්‍යයට එනකොට ගොඩක් හොඳට රඟපාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට වැඩ දෙක තුනක් එකපාර බදාගෙන කරන්න අමාරුයි. මම හරි සැහැල්ලුවෙන් ඉන්න ආසයි. ඉස්සර වුණත් මම මාසෙකට ෂූට් දෙක තුනක් වගේ කරලා ගෙදර ඉන්නවා. මම ඕනවට වඩා කාර්යබහුල වෙන්න කැමැති නැහැ. නිර්මාණ දෙක තුනක් ආවා. ඒ අතරින් රිදී තිරයට යන්න තිබුණු හොඳම නිර්මාණයක් මඟහැරුණා. බලාපොරොත්තුවක් තියෙනවා කෙටි කාලීනව වැඩවලට සම්බන්ධ වෙන්න.’