FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සමාගම APEX සම්මාන උලෙළේදී සේවා ඇගයුමක් හිමි කරගනියි..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන ‘ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ’ (Airline Passenger Experience Association (APEX) සම්මාන උලෙළේදී තරු 4 පංතියේ සේවා ඇගයුමක් (Four Star) ලබා තිබේ.

මෙම සමීක්ෂණයට ගෝලීය වශයෙන් ගුවන් සේවා 470ක් ඇගයීමට ලක්කර ඇති අතර, එම ගුවන් සේවා අතරින් 12%ක් පමණක් තරු 5 පංතියේ (five-star) ඇගයුමක් ලබාගෙන ඇත.

ඉතිරි 14% ගුවන් සේවා සඳහා තරු 4 පංතියේ (four-star) ඇගයුම හිමිවී තිබේ.