ශ්රී ලංකන් ගුවන් සමාගම, ගුවන් මගීන්ගේ ප්රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන ‘ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ’ (Airline Passenger Experience Association (APEX) සම්මාන උලෙළේදී තරු 4 පංතියේ සේවා ඇගයුමක් (Four Star) ලබා තිබේ.
මෙම සමීක්ෂණයට ගෝලීය වශයෙන් ගුවන් සේවා 470ක් ඇගයීමට ලක්කර ඇති අතර, එම ගුවන් සේවා අතරින් 12%ක් පමණක් තරු 5 පංතියේ (five-star) ඇගයුමක් ලබාගෙන ඇත.
ඉතිරි 14% ගුවන් සේවා සඳහා තරු 4 පංතියේ (four-star) ඇගයුම හිමිවී තිබේ.







