FAST NEWS

24×7 Around the Globe

දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල අද මරදාන ටවර් රඟහලේදී..

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, සාහිත්‍ය අනුකමිටුව විසින් 11 වන වරටත් සංවිධානය කරන දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල අද ( 03) සවස 2.00 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

සෞන්දර්යාත්මක විනිවිඳීමක් තුළින් බුද්ධිමය අස්වැන්නක් ඵලදැරීමට සමත් නාට්‍ය කලාවකට අවැසි පරපුරට දයාද කිරීම මෙම උළෙල අරමුණයි.

2017 වර්ෂය සඳහා ඉදිරිපත්වූ කෙටි නාට්‍ය පිටපත් අතරින් නිෂ්පාදනය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍යවල දෙවන වටයේ විනිශ්චය පසුගිය සැපැතැම්බර් 10 සහ 11 දිනවලදී කොළඹ දී පවත්වන ලදි.

එම වටයෙන් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය 06 ක් අවසන් විනිශ්චයට ලක් කරමින් අද (03) මරදාන, ටවර් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතයි.

1. සචිත‍්‍ර රාහුබද්ධගේ – සිංහසේයා

2. එම්. එමිල්ගේ – කටු රෝස

3. ප‍්‍රවීන් චමෝද්ගේ – උරුමය
4. සමන් කුමාර ගමගේ ගේ – 293

5. නුවන් තරංග ගේ – අපි හඳ එළියේ නාමු

6. සම්පත් විජයවර්ධනගේ – හීන