FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය හමුවේ අප්‍රිකාවට 333 ක දවැන්ත ජයක්..

සංචාරක බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 333ක ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ(02) සමත් විය.

සිය පළමු ඉනිමට පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 496ක් ලබා සිටියදි පන්දුවට පහරදීමේ අවස්ථාව බංගලාදේශ කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 320ක් ලබා ගත්තේය.

දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 247ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව බංගලාදේශ කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ලකුණූ 423 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට සිය දෙවැනි ඉනිමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රිඩකයින් ලකුණු 90කට දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වුහ.

(DE සිල්වා)