FAST NEWS

24×7 Around the Globe

‘හැම වෙලාවෙම පූජනීය ස්ථානවලට ගිහින් දෙවියන් වදින්න වුවමනා නෑ..’

චිත‍්‍රපටි නිළියක වන සෝනාක්ෂි සිංගේ ආගමික නැඹුරුව ගැන දැන ගන්නට ලැබෙන්නේත් ඇය ප‍්‍රසිද්ධව සිටින්නේත් ආගම ගැන වැඩි උනන්දුවක් නැති නිළියක ලෙසිනි.

ඒ පිළිබදව ඇය පවසනු ලැබූ අදහස් කිහිපයක් පහතින්..

‘‘මම නිතර දෙවේලේ පූජනීය ස්ථානවලට යන කෙනෙක් නෙමෙයි කියන එක ඇත්ත.. ඒකෙන් අදහස් වෙන්නෙ මම ආගම දහමට ගරු නොකරන කෙනෙක් කියන එක නෙමෙයි.. මගේ තාත්තා කියලා තියෙන්නෙ දෙවියන් වැඩ ඉන්නෙ අපේ හිත්වල කියලා.. අපි හිත් පිරිසිදුව තියාගෙන ඉන්නවා නම් අපේ ආරාධනයක් නැතුවම දෙවියො එතෙන්ට වඩිනවා.. තුන් තිස් පැයේම කෝවිලේ හිටියත් හිත පිරිසිදු නැත්නම් දෙවියන්ගෙ පිහිට ලැබෙන්නෙ නෑ..’’

‘‘අපිට හැම වෙලාවෙම පූජනීය ස්ථානවලට ගිහින් දෙවියන් වදින්න වුවමනා නෑ.. භාවනා කරනකොට අපිට දැනෙන්න පටන් ගන්නවා දෙවියොයි අපියි අතරේ තියෙන බැදීම කොයි වගේ ද කියලා.. සංගීතය කියන්නෙත් දෙවියන්ට ළං විය හැකි තවත් පහසු මාර්ගයක්..’’