ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ සුරූපී නිළි ඇමි ජැක්සන්ට හොලිවුඩ් ටෙලි නාට්‍යය මාලාවක් සඳහා එක්වීමට ඇරයුම් ලැබී තිබෙන බව සඳහන් වේ.
ඒ මේ දිනවල ‘වෝනර්’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘සුපර් ගර්ල්’ ටෙලි නාට්‍යයේ එන තවත් සුපිරි චරිතයක් සඳහාය.
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රාට පසුව හොලිවුඩ් ටෙලි නාට්‍යය සඳහා සම්බන්ධ වුණ එකම නිළිය ලෙස මේ අනුව ඇමි ජැක්සන් පත්වේ.









