FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටේස්ට් තරගයේ සිට පැනවෙන නව නීති මෙන්න..

හෙට (28) දින ආරම්භ වීමට නියමී ශ‍්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිට ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හඳුන්වා දෙන නව නීති ක‍්‍රියාත්මක වීම නියමීතය.

එම නීතිවලට අනුව ටෙස්ට් තරගයක් සඳහා නම් කළ හැකි ආදේශක ක‍්‍රීඩකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ නැංවෙන අතර, මීන් පෙර එම සංඛ්‍යාව 04 ක් විය.

එමෙන්ම නව නිතී පැනවිම අනුව ක‍්‍රිකට් පිත්තේ ඝණකම මිලි මීටර් 40 නොඉක්ම විය යුතු බවත්, පිත්තේ යට කොටසේ ඇති වක‍්‍රාකාර හැඩයේ ගැඹුර මිලි මීටර් 67 නොඉක්ම විය යුතුය.

එසේම ටෙස්ට් තරගයක දී කඩුල්ලක් බිඳ වැටීමෙන් පසු මෙතෙක් ලැබුණු විනාඩි දෙකේ විවේකය විනාඩි 03ක් දක්වා වැඩි කිරීමටද තීරණය වී තිබේ.

එසේම තරගයක් අතරතුර කිසියම් ක‍්‍රීඩකයෙකු බරපතල ආකාරයේ යැයි හැඟෙන විෂමාචාර ක‍්‍රියාවක නිරත වුවහොත් ඔහුව ක‍්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමේ බලය විනිසුරුවරයාට පැවරිමද හෙට සිට ක්‍රියාත්මක වන නව නිතී මගින් සිදු කර තිබේ.

එමෙන්ම විනිසුරු තීරණ යළි විමසීමේ ක‍්‍රමයවේදව පන්දුවාර 20 තරග සඳහා ද ඇතුළත් කිරීමට තීරණය වී තිබේ.

(DE සිල්වා)