FAST NEWS

24×7 Around the Globe

09 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල හෙට අවසන්..

තරග ඉසව් 300කින් සමන්විත මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන 09 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල හෙට (23) දිනයෙන් අවසන් වීමට නියමිතය.

පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට මැලේසියාව සමත් වී ඇති අතර ඔවුන් රන් පදක්කම් 145ක්, රිදී පදක්කම් 92 ක් හා ලෝකඩ පදක්කම් 86 ක් ලබා ගැනීමට සමත්ව සිටියි.

පදක්කම් 246 ක් ලබා ගනිමින් තායිලන්තය දෙවන ස්ථානයේ පසු වේ.

වියට්නාමය පදක්කම් 168 ක් ලබා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

(DE සිල්වා)