FAST NEWS

24×7 Around the Globe

‘ලංකා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ සංසදය’ ආරම්භ කෙරේ..

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ලංකා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ සංසදය’ නමින් විද්‍යුත් මාධ්‍ය ආයතන අතර එකමුතුවක් ඊයේ (20) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ආරම්භ කෙරුණී.

එහිදී ‍තෝරා ගැනුණු නිලධාරී මණ්ඩලය මෙසේය,

සභාපති – නීතිඥ රවී ජයවර්ධන (සභාපති, ජාතික රූපවාහිනිය)
ලේකම් – ලක්සිරි ගමගේ (උප සභාපති, දෙරණ මාධ්‍ය ජාලය)
උප සභාපති – අසංග ජයසූරිය (ප්‍රධාන විධායක නිලධාරී, නෙත් එෆ් එම් මාධ්‍ය ජාලය)
උප ලේකම් – සුදර්ශන ගුණවර්ධන (සභාපති, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව)
කැදවුම්කරු – නුවන් ලියනගේ (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නෙත් එෆ් එම් මාධ්‍ය ජාලය)
අනුශාසක – ෂාන් වික්‍රමසිංහ (ටී.එන්.එල් මාධ්‍ය ජාලය)

ලංකා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ සංසදයේ මුල්ම සැසිවාරය සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලන්සූරිය මහතා ද සහභාගී විය.

(DE සිල්වා)