FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය සමඟ ටෙස්ට් තරගාවලියට සංචිතය නම් කෙරේ..

පාකිස්තාන කණ්ඩායම සමග අබුඩාබිහිදී ලබන සතියේදී ආරම්භවීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එ අනුව මෙම සංචිතයේ නායකත්වයට නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් නම් කර ඇති අතර උපනායකත්වයට ළහිරු තිරිමාන්න පත්කිරීමටග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

පළමු ටෙස්ට් තරගය 28 දා ආරම්භ වීමට නියමිතය.

මෙම සංචිතය සඳහා නවක ක්‍රිඩකයන් ලෙසින් සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා ඇතුළත් කර තිබේ.

හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් බත්කෙණ්ඩේ ආබාධයකට ලක්ව ඇති හෙයින් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආබාධයකට ලක්ව ඇති අසේල ගුණරත්නටද ටෙස්ට් තරගාවලිය අහිමිවී ඇත.

ශ්‍රී ලංකා සංචිතය

(DE සිල්වා)