එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කර තිබේ.
“ මේ වන විට ශ්‍රී ලංකාව අමාරු අවස්ථාවක් පසු කරන්නේ. එය රහසක් නෙමෙයි. නමුත් අප කෙරෙහි විශ්වාසය තබන ප්‍රේක්ෂකයන්ට මම ස්තුති කරන්න ඕන. අයි.සී.සී. තරගවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑම විටම මැජික් දර්ශනය (දක්ෂතා දැක්වූවා) පෙන්වූවා. මම එය නැවත වරක් ඔප්පු කර පෙන්වීමට සූදානම්.
අපිට ලෝක කුසලානයට පැහැදිලි සැලසුමක් තිබෙනවා. අපි එහි හැම පියවරක්ම ළඟා කරගැනීමට මහන්සියෙන් වැඩ කරනවා. අපි ක්‍රීඩා විවේකගාරයේදී කියන්නේ කුඩා ජයග්‍රහණ ලෙකු ජයග්‍රහණ ගෙනෙනවා කියලයි. ඔබට ශ්‍රී ලංකා ක්‍රිකට් අනන්‍යතාව ඉතාමත් ඉක්මනින් දැක ගැනීමට හැකියාවක් ලැබෙයි.”
(DE සිල්වා)








