FAST NEWS

24×7 Around the Globe

“සුමති සම්මාන 2017” අද රාත්‍රී නෙළුම් පොකුණේදී..

“සුමති සම්මාන 2017” අද (20) ප.ව. 6.30ට නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

සුමති සම්මාන උළෙල මෙවර 22 වැනි වරට පැවැත්වේ.

පසුගිය වසරේ රූපවාහිනී මාධ්‍යයන් ඔස්සේ විශිෂ්ට දක්ෂතා ප්‍රකට කළ කලාකරුවෝ සහ කලාකාරිනියෝ 2017 සුමති සම්මානයෙන් පිදුම් ලබති.

විනිශ්චය මණ්ඩලයේ තීරණයට අනුව පිරිනැමෙන වසරේ හොඳම නළුවා, හොඳම නිළිය, සහ හොඳම ටෙලි නාට්‍යය ආදී සම්මාන මෙන්ම ප්‍රේක්ෂක ජනතාවගේ වැඩිම මනාපයට අනුව තෝරා ගැනෙන වසරේ ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය සහ ජනප්‍රිය ටෙලි නාට්‍යය යන සම්මානද ඊට ඇතුළත් වේ.

ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් සුමති සම්මාන උළෙල අනිද්දා (22) රාත්‍රී 9.30 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමටද නියමිතය.

(DE සිල්වා)