FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට සෘජුව ලෝක කුසලානයට යෑමට වරම් ලැබෙයි..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ (19) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගය කඩුලූ 07 කින් ජය ගැනීමට ඒංගලන්ත කණ්ඩායම සමත් වීමත් සමග , 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකාව ක්‍රීකට් කණ්ඩායමට අවස්ථාව හිමි විය.

එ අනුව ශ්‍රේණිගත කිරීම්වල ශී‍්‍ර ලංකාව 08 වන ස්ථානයේ පසුවන අතර කොදෙව්වන්ට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.

ඒ අනුව ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබීමට හැකිවන්නේ පළමු ස්ථාන අටේ පසුවන කණ්ඩායම් පමණයි.

8 වන ස්ථානයට පැමිණීමට නම් එංගලන්තය සමග පැවැත්වෙන සියලු තරග කොදෙව්වන් ජයගත යුතු තිබිණි.

නමුත් කොදෙව්වන් ඊයේ (19) පැවති තරගය පරාජය වීමත් සමග එම අවස්ථාව අහිමි විය.

(DE සිල්වා)