FAST NEWS

24×7 Around the Globe

‘එමී’ සම්මාන උළෙලේදී ප්‍රියංකා චොප්රාගේ නම නිවේදකයන්ට වරදියි..

බටහිර රූපවාහිනී මාලා නාට්‍ය, සහ ටෙලි කතා මාලා ඇගැයීමට ලක් කෙරන ‘එමී’ සම්මාන උළෙලට හොලිවුඩයේ ද කැපී පෙනෙන නිළියක වන බොලිවුඩ් සුරූපිනී ප්‍රියංකා චොප්රා ද සහභාගීවී ඇති බව වාර්තා වෙයි.

කළු ජාතික ප්‍රහසන නළුවකු වන ඇන්තනි ඇන්ඩර්සන් සමඟ ප්‍රියංකා එමී සම්මාන උළෙලේ වේදිකාවට ගොඩ වී ඇත්තේ හොඳම සන්වාදශීලී වැඩසටහනට සම්මාන ප්‍රධානය කිරීමට වන නමුත් එම අවස්ථාවේදී නිවේදකයන් ප්‍රියංකා චොප්රා හඳුන්වා දී ඇත්තේ ‘ප්‍රියංකා චෝපා’ යනුවෙනි.

නිවේදකයන්ට ප්‍රියංකාගේ නම වැරැදීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩ ඔස්සේ දොස් අහන්න සිදුවී ඇතැයිද එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

C.රොද්‍රීගු