FAST NEWS

24×7 Around the Globe

තෙරිම් කමීටුවේ සභාපති ලැබ්රෝයි – සෙසු සමාජීකයින් අද !

ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්රෝයි පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් පිළිබඳ තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය ලැබි නොමැති බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තේරීම් කමිටු සාමාජිකයන් ලෙස දස දෙනකුගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා ඇතත් කමිටුවේ නිත්‍ය සාමාජිකයන් කවුරුන්ද යන්න තවමත් අමාත්‍යවරයා විසින් නිර්දේශ කොට නොමැති බවත් අද (18) දින අවසන් තීරණයක් ලැබෙනු ඇති බවත් වාර්තා වේ.

දැනට අයිසීසී තරග තීරකයකු ද වන 53 හැවිරිදි ලැබ්රෝයි හිටපු ශ්‍රී ලංකා දකුණත් වේගපන්දු යවන්නෙකි.

(DE සිල්වා)