ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ මීළඟ නිර්මාණය ‘ස්ටාර් වෝස් ද ලාස්ට් ජෙඩි’ ලෙස නම් කර තිබේ.
මේ චිත්‍රපට මාලාවේ රඟපෑ ජෝන් බොයේගා ද තමන්ට සුපුරුදු ‘ෆින්’ගේ චරිතය යළි රඟපාන බව සඳහන් වෙන අතර මෙහි රංගනයට බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් සහ හැරී කුමාරවරුන් එක් වීමට නියමිත බවත් පැවසෙයි.
ජෝන් බොයේගා පවසා ඇත්තේ ඔටුන්න හිමි රජ කුමරුන් දෙදෙනා මේ චිත්‍රපටයේ ආරාධිත රංගනයක් ඉදිරිපත් කරන බවත් මේ කාරණාව රහසක් ලෙස තබා ගැනීමට උත්සහ කළත් එම කාරණාව හෙලි වී ඇති බවත්ය.









