FAST NEWS

24×7 Around the Globe

නව ක්‍රිකට් තේරිම් කමීටුව 18 වැනිදා පත් වෙයි..

නව ක්‍රීකට් තේරිම් කමිටුව සැප්තැම්බර් මස 18 දා පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය හමුවේ හා ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ විවේචන හේතුවෙන් සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුවේ ඉල්ලා අස් විමෙන් පුරප්පාඩු වු හිඩැස පිරවීම සඳහා මෙම පත් කිරීම සිදු කිරීමට නියමීත වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මීළඟට ඇත්තේ පාකිස්තානයට එරෙහි තරගාවලිය වන බැවින් එහි ටෙස්ට් තරගාවලිය සඳහා වන සංචිතය නව තේරීම් කමිටුව පත්කිරීමෙන් පසුව සැප්තැම්බර් 20 දා නම්කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

(DE සිල්වා)