FAST NEWS

24×7 Around the Globe

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 15වනදා සිට..

දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 15වනදා සිට 24වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 19 වැනි වරටය.

ප්‍රදර්ශන කුටි 400 කින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශනයේ දී නවකතා, කෙටිකතා, කවි, විෂය ග්‍රන්ථ සහ අධ්‍යාපනික ප්‍රකාශන ආදී බොහෝ පොත්පත් මිලට ගැනීම සඳහා පාඨකයන්ට අවස්ථාව සලසා දී ඇත.