ඉන්දියාව සමග පැවැති එක්දින තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත්වුවත් තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග ඊයේ (03) පැවැති පස්වැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය අමතමින් සඳහන් කළේය.
“නායකත්වයෙන් අයින් වෙන්න හේතුවක් නෑ. ඊළඟට එන තේරීම් කමිටුව ඉදිරියට යන්නේ කොහොමද කියලා තීරණය කරයි.තරගාවලිය පුරාම අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. පැරදෙන විට ප්‍රේක්ෂකයන් ක්‍රීඩාවෙන් ඈත් වෙනවා.ඔවුන් කැමති ක්‍රීඩා කරන සියලු තරග ජයග්‍රහණය කරන්න. අපි යන්නේ තරග ජයග්‍රහණය කරන්න. අපි අතින් අඩුපාඩු වෙනවා. ඊළඟ තරගාවලියේ සිට වැරැදි හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
පළමු තරගයේ සිට අඩුපාඩු දිගටම සිදුවුණා. එක්දින තරග පහක් ක්‍රීඩා කරලත් අපිට ලකුණු 250ක් ලබාගන්න බැරිවුණා. පිතිකරණය ගැන කනගාටුවෙනවා. අංශ තුනෙන්ම මීට වැඩිය අපි ඉදිරියට යන්න ඕන. පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් අපට අවශ්‍ය දේ ලැබුණේ නෑ. ඉදිරියට යද්දී තුන් ඉරියව් ක්‍රීඩකයන් අවශ්‍ය වෙයි.
ක්‍රීඩකයෙක් ලෙසත්, නායකයෙකු ලෙසත් දැන් ඉන්න තත්ත්වය ගැන කනගාටු වෙනවා. පසුගිය අවුරුදු දෙක තුළ අපිට ඕන විදිහට ක්‍රීඩා කළේ නෑ. මෙ ඉන්න ක්‍රීඩකයන්ටම තමයි ගොඩ එන්නත් පුළුවන්.”
(DE සිල්වා)








