ඩයනා ස්පෙන්සර් සිය දිවි ගමනින් සමුගෙන අද දිනට (31) විසි වසරක් සපිරේ.
වර්ෂ 1961 ජූලි 01 වැනිදා ඩයනා ෆ්රාන්සෙස් ස්පෙන්සර් නමින් උපත ලැබූ ඩයනා කුමරිය, වර්ෂ 1981 පෙබරවාරි 24 වැනිදා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන් සමග විවාහ ගිවිස ගැනීම සිදුවිය.
විලියම් සහ හැරී යන පුත් කුමරුන් දෙදෙනෙකුගේ දයාබර බවක් මෙන්ම, රාජකීයත්වය සාමාන්‍ය ජන හදවත් සමග බද්ධ කළ වේල්සයේ කුමරිය ලෙස ඇය රාජ කුමරියකට වඩා සමාජ සේවිකාවක ලෙස ජනාදරයට පත්වන්නට විය.
කෙසේ වෙතත්, ඩයනා සමග විවාහ වනවිටත් චාර්ල්ස් කුමරු, කැමිලා පාකර් සමග පැවති සබඳතාව හේතුවෙන් වර්ෂ 1992 දෙසැම්බර් මාසයේදී ඔවුන් දෙදෙනාගේ වෙන්වීම ප්‍රසිද්ධියට පත්වූ අතර, 1996 අගෝස්තු මාසයේදී දික්කසාදය තීන්දු විය.
වර්ෂ 1997 අගෝස්තු 31 වැනිදා ඩොඩී අල්ෆයර්ඩ් සමග නිවාඩුවක් ගත කිරීමට පැරීසියට ගොස් සිටි ඩයනා හදිසි අනතුරකට මුහුණ දීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.









