FAST NEWS

24×7 Around the Globe

රාමනායකගේ තැන වාස්ට හිමී වෙයි..

ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන්නකු සහ පුහුණු උපදේශක වරයකු ලෙස කටයුතු කළ චමින්ද වාස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21) තීරණය කළේය.

වර්තමා වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන චම්පක රාමනායක මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදිම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

පුහුණුකරු තනතුරෙන් ඉවත්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශයේ පුහුණුකරු තනතුරක් බාරගැනීමට නියමිතව ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)