2016 වසරේ මැයි මාසයේ එංගලන්ත සංචාරයේදී පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශමීන්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය නිකුත් කරමීන් සඳහන් කරයි.
ඒ අනුව ඔහුට ඉදිරියේදි ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පන්දු යැවිමට අවස්ථාව හිමිවන බවත් එහි සඳහන්.
ශමීන්දගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි නුවර පවතින අයි.සී.සී. පරික්ෂණ මධ්‍යස්ථානයේදී කළ පරීක්ෂණයකින් පසුව ඔහුගේ ඉරියව්ව නිවැරදි බව තහවුරු වී තිබේ.
(DE සිල්වා)








