ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේ කළමනාකරු වශයෙන් කටයුතු කරන එංගලන්ත ජාතික චාලි ඔස්ටින් පිළිබඳව විවධ පුවත් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමනාකරු වශයෙන් ඔහු කටයුතු කරයි.
කෙසේ වෙතත් පසුගිය දිනවල අන්තර් ජාල කටකතා ප්‍රකාශ වලින් කියැවුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අදිසි හස්තය බවට චාලි ඔස්ටින් මහතා පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව මහේලගේ ට්විටර් ගිණුම හරහා ඔහුගේ අනුගාමිකයෙකු යොමුකළ ගැටලුවකට පිළිතුරු දෙමින් මහේල පවසා ඇත්තේ එම ප්‍රකාශ හුදෙක්ම කට කතාවක් බවයි.
(DE සිල්වා)









