FAST NEWS

24×7 Around the Globe

රජිණීගේ 77 වැනි උපන්දිනයට ‘2.0’ වෙතින් ත්‍යාගයක්..

දමීල සිනමාවේ සුපිරි වීරයා ලෙස අදටත් සැළකෙන රජිණීකාන්ත්ගේ 77 වැනි උපන්දිනය සමරන දෙසැම්බර් 12 වැනිදා දින  රජිණීට අගනා ත්‍යාගයක් ලබාදීමට ‘2.0’ චිත්‍රපට කණ්ඩායම සූදානම් වන බව වාර්තා වේ.

එනම් එදින ‘2.0’ චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටය නිකුත් කිරීමට චිත්‍රපට කණ්ඩායම සූදානම් වී තිබේ.

මේ වනවිටද චිත්‍රපටයේ සමහරක් දර්ශනවල ඡායාරූප ප්‍රසිද්ධ වී තිබෙන අතර, චිත්‍රපටයේ කතාව කුමන ආකාරයෙන්ද නිර්මාණය වී ඇත්තේද යන්න ප්‍රේක්ෂකයන් තුළ කුතුහලයක් නිර්මාණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

(DE සිල්වා)