FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට කඩුලු 06 ක පරාජයක්..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6න් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට ලකුණු 316ක් ලබාගත් අතර එහිදී   පන්දු 80ට මුහුණදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් ලබා ගත් අතර උපුල් තරංග නොදැවී ලකුණු 79ක් ලබා ගන්නා ලදී.

පන්දුයැවීමේදී ටෙන්ඩායි චතාරා ලකුණු 49ට කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් විය.

අනතුරුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 47 යි පන්දු 4ක් තුළ කඩුලු 4ට ලකුණු 322ක් ලබාගනිමින් ජයග්‍රහණය කරන ලදී.

සොලමන් මයර් ලකුණු 112ක් ද, ශිකන්දර් රාසා නොදැවී ලකුණු 67ක් ලබාගැනීමට සමත්වූ අතර පන්දු යැවීමේදී ලකුණු 45 ට කඩුලු 2ක් දවා ගැනීමට අසේල ගුණරත්න සමත් විය.