FAST NEWS

24×7 Around the Globe

අන්තරේ ළහිරු කැම්පස් එන්නේ ප්‍රාඩෝ එකෙන්..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ ප්‍රාඩෝ රථයකින් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

දේවප්‍රිය මහතා ඒ බව සඳහන් කළේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධනපති පක්ෂයක් බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඒ ආකාරයෙන් වාහනයකින් විශ්වවිද්‍යාලයට පැමිණියේ නම් ගැටලුවක් නොවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

කෙසේවෙතත්,  ළහිරු වීරසේකර නිර්ධන පන්තියට පහර දෙමින් ප්‍රාඩෝ රථයකින් විශ්වවිද්‍යාලයට පැමිණිම ගැටලුවක් බවත්, ඔහු නිර්ධන පන්තියෙන් පළිගනිමින් සිටින බවත් මහඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියි.