අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ ප්‍රාඩෝ රථයකින් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
දේවප්‍රිය මහතා ඒ බව සඳහන් කළේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධනපති පක්ෂයක් බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඒ ආකාරයෙන් වාහනයකින් විශ්වවිද්‍යාලයට පැමිණියේ නම් ගැටලුවක් නොවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
කෙසේවෙතත්, ළහිරු වීරසේකර නිර්ධන පන්තියට පහර දෙමින් ප්‍රාඩෝ රථයකින් විශ්වවිද්‍යාලයට පැමිණිම ගැටලුවක් බවත්, ඔහු නිර්ධන පන්තියෙන් පළිගනිමින් සිටින බවත් මහඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියි.









