FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව පරදා පාකිස්තානය චැම්පියන්ස් කුසලානය දිනා ගනී..

2017 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඊයේ (18) පැවති අවසන් මහා තරඟයෙන් ඉන්දියාව පරාජය කර ලකුණු 180ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පක්ස්ථාන කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාත් කෝලි පලමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථාන පිළට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි පකිස්ථාන ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 4කට ලකුණු 338ක් ලබා ගැනීමට සමත් වුහ.

ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පිළට ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 158ක් පමණි.

Player of the match – Fakhar Zaman (Pakistan)
Player of the series – Hasan Ali (Pakistan)
Batsman of the series – S Dhawan (India)
Bowler of the series – Hasan Ali (Pakistan)

(DE  සිල්වා)