ප්‍රසන්න ජයකොඩිගේ ’28’ චිත්‍රපටය අද (02දා) සිට රීගල් ප්රමුඛ දිවයින පුරා රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන් හිදී ප්‍රදර්ශනය කෙරේ.
මෙම චිත්‍රපටය රොටර්ඩැම් NETPACසම්මානය හා Bled film festival bled – sloveniaහි විශේෂ ජූරි සම්මානයන්ගෙන් පිදුම් ලබා තිබේ.
ලිංගිකත්වය නමැති අතිශය ස්වාභාවික කාරණාව සංස්කෘතිකව කුණුහරුපයක් කරගත්තා වූ වත්මන් ලාංකික ජන සමාජය තුළ ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර සිදුවීම සුලභ පුවතක් වීමේ ඛේදවාචකය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වේ.
“28” නිෂ්පාදනය ස්කයි එන්ටර්ටේනර්ස් පෞද්ගලික සමාගම, ෆිල්ම් ගරාජ්,කොග්නට්වි ඊගල්,ෆිල්ම් ඉක්යුප්මන්ට් ගැලරි (එෆ්.ඊ.ජී) වෙතිනි.
මෙහි මහේන්ද්‍ර පෙරේරා, රුක්මාල් නිරෝෂ්, සරත් කොතලාවල, සේමිණි ඉද්දමල්ගොඩ ආදීහු රංගනයෙන් දායක වෙති.









