FAST NEWS

24×7 Around the Globe

ජාතික තරුණ සේවා සභාවේ චිත්‍රපට වැඩමුළුව මැයි 26 සහ 27 දිනවලදී..

ජාතික තරුණ සේවා සභාවේ ‘නිස්කෝ’ වීඩියෝ අංශය සංවිධානය කරන 6 වැනි යෞවන චිත්‍රපට වැඩමුළුව මැයි 26 සහ 27 දෙදින තුළ පෙ.ව. 9.00 සිට සවස 5.00 දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

තරුණ තරුණයන් 200 දෙනකු සඳහා පැවැත්වෙන මේ කෙටි හා වාර්තා චිත්‍රපට සම්බන්ධ වැඩමුළුව ප්‍රසන්න විතානගේ සහ තායා ඩයස් යන මහත්වරු මෙහෙයවති.

මෙහි සමාරම්භක උළෙල හෙට (26දා) පෙ.ව. 9.00 ට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරංද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

(ADS)