FAST NEWS

24×7 Around the Globe

සායිනා නවාල්ගේ ජීවිත කතාවෙන් දිපීකා බොලිවුඩ් චිත්‍රපටයකට..

2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී ලෝකඩ පදක්කමද, 2015 වසරේ ඉන්දුනිසියාවේ පැවැති ‘ලෝක ශූරතා’ බැඩ්මින්ටන් තරගාවලියේදී රීදි පදක්කමද දිනා ගනිමින් ඉන්දියාව බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගෙනයාමට සමත්වූ සායිනා නවාල්ගේ ජීවිත කතාව අලළා බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ වනවිට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

අමෝලි ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් කර ඇති මෙම චිත්‍රපටය සඳහා සයිනා නවාල්ගේ චරිතයට මේ වනවිට තෝරා ගෙන ඇත්තේ දිපීකා පදුකෝන් බව සඳහන් වේ.

බැඩ්මින්ටන් ක්‍රීඩාව තුළින් ඉහළ ජනප්‍රියත්වයක් ගොඩ නගාගත් ප්‍රකාශ් පදුකෝනිගේ දියණිය නිසාවෙන් දිපීකාට මෙම චරිතය ලබාදුන් බව අමෝලි ‘කෝයි මෝයි’ වෙබ් අඩවියට පවසා තිබේ.

Related image

Related image

Image result for saina nehwal

Related image

Image result for saina nehwal

Related image

Image result for deepika padukone badminton

Image result for deepika padukone badminton