FAST NEWS

24×7 Around the Globe

අයිෂ් හා සනත් “පැණි මකුළුවෝ ” සමග එයි..

“කලර්” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි චිත්‍රපට අධ්‍යක්ෂක ඉසුරු වීරසිංහ මුදලි. හා වෙළඳ ප්‍රචාරණ නිර්මාණ අධක්ෂක වරයෙකු වන, යූ.ඒ. පල්ලියගුරුට අයත් “ක්ලවුඩ් ෆිල්ම්ස්” සමාගම  යටතේ නිෂ්පාදනය වු,
ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ පිළිබඳව පළමු සිංහල චිත්‍රපටය වන “පැණි මකුළුවෝ ” ලගදිම මෙරට සිනමාහල්වල තිරගත වීමට නියමීතය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ප්‍රවීණ රංග ශිල්පි සනත් ගුණතිලක දායක වන අතර සිනමාවට හදුන්වා දෙන අයිෂ් අතුකෝරල මෙහි ප්‍රධාන කාන්තා චරිතයට පන පොවයි.

විවිධ කාල පරිච්ඡේද වලදි සමකාලීන කරුණු කාරණා වස්තු විෂය කොට  සිනමා නිර්මාණ බිහිවුවද වර්ථමානයේ බොහෝ ප්‍රබල මාධ්‍ය ධාරාවක් වන Social Media මඟින් සිදුවන විපර්යාසයන් හා එයින් ඇති වන සමාජීය ගැටලු,ගෘහස්ථ පවුල් ජීවිත වල සිදු කරනු ලබන අසීමිත බලපෑමි පිළිබඳව “පැණි මකුළුවෝ” චිත්‍රපටයට වස්තු බීජය වී ඇති බව මෙරට චිත්‍රපට චිචාරකයෝ පවසති.

(ADS)