අමෙරිකාවේ අමුතු ආකාරයේ තරඟයක් පවත්වා ඇති අතර මේ තරඟයෙන් ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවකි.
එම තරඟය වූයේ මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනීම වන අතර තරඟය පවත්වා ඇත්තේ ඇමෙරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ, ටෙක්සස් ප්‍රදේශයේ කිස් නම් රේඩියෝවක් විසිනි.
මේ කාන්තාව දිලිනි ජයසූරිය වන අතර ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන්නියකි.
දිලිනි පැය 50ක කාලයක් “ඔපිටිමා එල්. එක්ස් කාර් රථය” සිපගෙන හිදිමින් මෙම තරඟය ජයග්‍රහණය කර ඇති අතර ඇය පවසා ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයා හා ඇය එකම මොටර් රථය බෙදාගෙන භාවිතා කළ බැවින් මෙම තරඟය සඳහා ඉදිරිපත් වූ බවයි.
මේ තරඟයෙන් ඇයට හිමි වී ඇති මෙම කාර් රථයේ වටිනාකම ඩොලර් 23,108 ක් බව වාර්තා විය.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ තරඟකරුවන් 6ක් මෙම තරඟය සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් සියළුදෙනාම විවිධ ත්‍යාග දිනාගෙන ඇති බවයි.

















