සිරියාවේ සරණාගතයින් රැගත් බස්රථ පෙළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 126 දෙනකු මියගොස් 55දෙනකු පමණ තුවාල ලබා තිබේ.
බස්රථවලට ආරක්ෂාව සපයමින් ගමන් කළ කැරළිකණ්ඩායම් සාමාජිකයන් ද සහන සේවකයින් හා කුඩා දරුවන් 68දෙනකු පමණ මියගිය අය අතර සිටින බව සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවසයි.
සිරියාවේ ඇලෙප්පෝ නගරාසන්නයේදී සිදුවූ මෙම ප්‍රහාරය සඳහා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගු මෝටර් රථයක් යොදාගෙන ඇතැයි වාර්තා වන අතර ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු බාරගෙන නොමැත.












