FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන්ගේ ආකර්ෂණය හිමි කරගන්න කට්ටියක් අමුතු වැඩක… (ඡායාරූප)

ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක ගෝත්‍රිකයන් පිරිසක් ලොකු බඩකුත් සමග මහත් වෙන්න කැමත්තක් දක්වන බව වාර්තා විය.

මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තේරීමට සෑම වසරකම තරඟයක් පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් මේ අය මාස 6 ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනු ලබයි.

ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදමින් ලේ අරගැනීමෙන් අනතුරුව මැටි වලින් එම සිදුර වැසීම සිදුකරනවා මිස ලේ ගැනීමට මේ අය ගවයින් ඝාතනය කරන්නේද නැත.

එසේම මේ කාලය ඇතුලත ඔවුන්ට කිසිදු ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීමට තහනම් වන අතර මාස 6ක් යනතුරු මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දීමද සිදු කෙරේ.

මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් සේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවන බවද කියැවේ.

ඡායාරූප පහතින්..

3ebb91f400000578-4360060-image-m-32_1490785728362

3ebb92a800000578-4360060-image-a-15_1490785471337

3ebb92c400000578-4360060-image-m-9_1490785256910

3ebb92d500000578-4360060-image-a-20_1490785541718

3ebb92f800000578-4360060-image-a-27_1490785625858

්‍3ebb94c500000578-4360060-image-a-17_1490785490390

3ebb921b00000578-4360060-image-a-10_1490785270127

3ebb923200000578-4360060-image-a-13_1490785393405

3ebb924900000578-4360060-image-a-6_1490785222556

3ebb929000000578-4360060-image-m-26_1490785615813

3ebb935200000578-4360060-image-a-19_1490785505236