ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක ගෝත්‍රිකයන් පිරිසක් ලොකු බඩකුත් සමග මහත් වෙන්න කැමත්තක් දක්වන බව වාර්තා විය.
මේ ග්රෝත්රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තේරීමට සෑම වසරකම තරඟයක් පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් මේ අය මාස 6 ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනු ලබයි.
ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදමින් ලේ අරගැනීමෙන් අනතුරුව මැටි වලින් එම සිදුර වැසීම සිදුකරනවා මිස ලේ ගැනීමට මේ අය ගවයින් ඝාතනය කරන්නේද නැත.
එසේම මේ කාලය ඇතුලත ඔවුන්ට කිසිදු ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීමට තහනම් වන අතර මාස 6ක් යනතුරු මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දීමද සිදු කෙරේ.
මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් සේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවන බවද කියැවේ.
ඡායාරූප පහතින්..




්















