2016 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අමෙරිකානු ජනප්‍රිය ගායක බොබ් ඩිලන් මේ සතිය අගදී සිය සම්මානය පිළිගැනීමට නියමිත බව නොබෙල් ත්‍යාග කමීටුව නිවේදනය කළේය.
පසුගිය ඔක්තෝබර් මාසයේ එම සම්මානය පිරිනැමුණු නමුත් එය භාරගැනීම පිණිස මෙතෙක් ඔහු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරට පැමිණියේ නැත.
මාධ්‍යවේදීන් හෝ වෙනත් අමුත්තන්ගෙන් තොරව පැවැත්වෙන පෞද්ගලික උත්සවයකදී ඔහුට නොබෙල් සහතිකය සහ පදක්කම පිරිනැමීමට නියමිත් බවත් ඇය පවසන්නීය.
නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ගීත රචකයා ඔහුවන අතර, 1993 දී නොබෙල් සම්මානය හිමි වූ ලේඛක ටෝනි මොරිසන් ගෙන් අනතුරුව එය හිමිවන පළමු ඇමෙරිකානුවා ද ඔහුයි.









