FAST NEWS

24×7 Around the Globe

“ප්‍රේමය නම්” රිගල් මණ්ඩලයේ..(වීඩියෝ)

කුලරත්න ආරියවංශගේ පුතුන් දෙදෙනා වන කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කුළුඳුල් සිනමාපටය “ප්‍රේමය නම්”  චිත්‍රපටය රිගල්  මණ්ඩලයේ සිනමාහල් වල පසුගියදා සිට තිරගත වීම ආරම්භ කෙරුණි.

කල්පන ආරියවංශ සමග ෆාස්ට් ඇඩ්ස් හා සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායක, ප්‍රචාරණ උපදේශක අතුල මහවලගේ සහ සුජීව විජේසිංහ මීට නිෂ්පාදනයෙන් දායක වී තිබේ.

ශාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, බුද්ධදාස විතානාච්චි සහ නිමල් ජයසිංහ මීට රංගනයෙන් දායක වෙති.

“ප්‍රේමය නම්” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය ආචාර්ය රෝහණ වීරසිංහයන්  සිදු කරන අතර එහි සංගීත සංයෝජනය සුරේෂ් මාලියද්දගෙන් අතින් සිදුව තිබේ.

ADS