FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශය ලකුණු 361ක් පසුපසින්..

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී 133ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 494ට වඩා බංගලාදේශය තවත් ලකුණු 361ක් පසුපසින් සිටියි.

ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 66ක් හා නායක මුෂ්ෆිකාර් රහීම් එක් ලකුණක් ලබාගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිති.

අද තරගයේ තෙවැනි දිනයයි..

ADS