FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ නායක මුෂ්ෆිකර්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ප්‍රකාශයක්..

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේදී වැඩි දක්ෂතා දැක්වීමට තම කණ්ඩායමට හැකිවනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් නායක මුෂ්ෆිකර් රහීම් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

මෙ වන විට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, තිලාන් සමරවීර හා ඇන්ජලෝ මැතිව්ස් යන ප්‍රවීණයන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නොසිටම ඊට හේතුව බව හෙතෙම පෙන්වා දී තිබේ.

එමෙන්ම මෑතකදී තම කණ්ඩායම දක්වන දක්ෂතා ද ඉහළ මට්ටමක පවතින බවත් බංග්ලාදේශ නායකයා මෙහිදි අවධාරණය කර ඇත.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු 7 වෙනිදා ආරම්භ වීමට නියමීත වේ.