FAST NEWS

24×7 Around the Globe

සල්මාන් ඛාන් ‘Ode to My Father’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් සමගින්…

ඉන්දීය රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් උපයාගත් ‘සුල්තාන්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක අලි අබ්බාස් සෆර් සමගින් නැවතත් චිත්‍රපටයක වැඩ කිරීමට ‘සුල්තාන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ සල්මාන් ඛාන් කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

අලි අබ්බාස් සෆර් විසින් නිර්මාණය කරන්නට සැලසුම් කර ඇති මෙම චිත්‍රපටය දකුණු කොරියානු චිත්‍රපටයක් වූ ‘Ode to My Father’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් බව සදහන් වේ.

‘Ode to My Father’ චිත්‍රපටය 2014 වසරේ කොරියානු සිනමාව තුල ප්‍රදර්ශණය වී ඇති අතර එය ඉහල ආදායමක් උපයා ගැනීමටද සමත්ව තිබුනි.