FAST NEWS

24×7 Around the Globe

ලෝක T20 ක්‍රීකට් පිටියේ මාලංග නමීන් වාර්තා පොත් ලියැවෙයි..

පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ කඩුලූ 300 සීමාව පසුකළ ලොව දෙවන පන්දු යවන්නා ලෙස  වාර්තා පොත් අතරට ලසිත් මාලිංග  ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම සමග කැන්බරාහිදී ඊයේ (15) පැවති තරගයේදී සමත් විය.

එසේම ඊයේ (15) පැවති තරගයේදී ලකුණූ 26 කට එක් කඩුල්ලක් දවා ගනමීන් සිය කඩුලු 300 සීමාවට ප්‍රවිශ්ට වීමට මාලිංග සමත් වු අතර විස්සයි 20 තරග 222 ක්  ක්‍රීඩා කරමීන් ඔහු මෙම සීමාව පසුකර යැමට සමත් වීම සුවිශේෂි වේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝයි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ කඩුලූ 300ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා වන අතර ඔහු මෙ වන විට  විස්සයි විස්ස තරග 344කදී කඩුලූ 367ක් දවා ගැනීමට සමත්ව සිටියි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය මෙල්බන් නුවරදී  හෙට (17) පැවැත්වීමට නියමිත වේ.