FAST NEWS

24×7 Around the Globe

ශාරුක් ගේ ‘රෙයීස්’ චිත්‍රපටය පකිස්තානයේ තහනම් වෙයි…

 

පසුගිය මාසයේදී එළිදැක්වුණු ශාරුක් ඛාන් ගේ නවතම චිත්‍රපටය වන ‘රෙයීස්’ චිත්‍රපටය පකිස්තානයේ තහනම් කර ඇතැයි වාර්තා වේ.

මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපාන්නේ ද පකිස්තානයේ ජනප්‍රිය නිළියක් වන මහිරා ඛාන් වන අතර මේ චිත්‍රපටය ඇගේ පළමු බොලිවුඩ් චිත්‍රපටයද වේ.

මෙම චිත්‍රපටය පසුගිය ඉරිදා දින සිට පකිස්තානයේදී තිරගත වීමට නියමිත වූ නමුත්, ඉස්ලාම් ආගමට හානිකර දර්ශන තිබීම හා මුස්ලිම් ජාතිකයන් අපරාධකරුවන් හා ත්‍රස්තවාදීන් ලෙස හුවා දැක්වීම ඇතුළු කරුණු හේතුවෙන් එය පකිස්තානයේ තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කොට තිබේ.