FAST NEWS

24×7 Around the Globe

සෝනම් කපූර්ට මෙවරත් හොඳම නිළිය සම්මානය අහිමි වෙයි…

 

ප්‍රකට ඉන්දීය සිනමා සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් සෝනම් කපූර්ට පසුගියදා පැවැති ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස විචාරක සම්මානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.

මීට පෙර කිහිප වතාවක් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස නිර්දේශයන් අතරට පමණක් එක්වීමට සමත්වූ සෝනම්, මෙවරද හොඳම නිළිය ලෙස නිර්දේශයට ලක් විය.

එහෙත්, එහිදී හොඳම නිළිය ලෙස ‘උද්තා පන්ජාබ්’ චිත්‍රපටයේ රඟපෑ ආලියා භාට්ට හිමිවූ අතර, සෝනම්ට විචාරකයන්ගේ සම්මානය හිමිවිය.