FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරිමේ කටයුතු ඇරඹේ

ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරිමේ කටයුතු ඉන්දියාවේදී ආරම්භ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගුජරාට් ක්‍රිකට් සංගමය විසින් ඉදිකිරීමේ ආරම්භ කර ඇති මෙම ක්‍රිඩාංගණය අක්කර 63ක් පුරා විහිදී ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අහමදාබාද්හි මොටේරා ප්‍රදේශයේ මෙහි ඉදිකිරිම් ආරම්භ කර තිබේ. ප්‍රේක්ෂකයන් 110000ක ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයමින් ඉදිවෙන ක්‍රීඩාංගණය සඳහා ආයෝජනය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වේ.

මෝටර් රථ 3000කට හා යතුරුපැදි හා ත්‍රීවීලර් රථ 10000කට ගාල් කිරිමේ පහසුකම් සහිතව මෙම ක්‍රීඩාංගණය ඉදිවෙන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ  ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ මව් ක්‍රීඩාංගණයද වෙනු ඇත.

ක්‍රීඩා සංකීර්ණක් ලෙස මෙහි ඉදිකිරීම් සිදුකරන අතර එයට ඔලිම්පික් තරගාවලි සඳහා යොදාගන්නා පිහිනුම් තටාකයක විශාලත්වයෙන් යුතු පිහිනුම් තටාකයක්ද ඇත.

වසර දෙකකින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය. ගුජරාට්හි පැවැති සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය වෙනුවට මෙය ඉදිකිරීමට නියමිතය බව වාර්තාවේ.

90000ක ප්‍රමාණයකට පහුසුකම් ඇති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ වන විට ලෝකයේ පවතින විශාලම ක්‍රීඩාංගණය ලෙස පිළිගැනේ.