FAST NEWS

24×7 Around the Globe

‘දංගල්’ චිත්‍රපටය නිසා අමීර් ඛාන් හොඳම නළුවා සම්මානය හිමි කරගනී…

 

පසුගිය වසර අවසානයේ තිරගත වූ ‘දංගල්’ චිත්‍රපටයේ ‘මන්විර් සිං’ චරිතය හරහා මෙවර ‘ෆිල්ම්‍ ෆෙයාර්’ සම්මාන උලෙළේදී හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට අමීර් ඛාන් සමත් විය.

එය ඔහු වසර 10කට පසුව ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීම විශේෂත්වයකි.

අමීර් අවසන් වරට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානයක් දිනාගනු ලැබුවේ 2006 වසරේදී වන අතර ඒ ‘රඟදේ බසන්ති’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය.

කෙසේ වෙතත්, අමීර් ඛාන් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ සඳහා මෙවරද එක් නොවූ අතර එයට හේතුව නම් ඔහු මීට දශක දෙකක කාලයක සිට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ වර්ජනය කර තිබීමයි.

මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 678 කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති අමීර්ගේ ‘දංගල්’ චිත්‍රපටය ඉන්දීය චිත්‍රපටයක් විසින් උපයාගත් දෙවැනි ආදායම් උපයා ගැනීමටද එක්ව තිබේ.

වීඩියෝව පහතින්..