FAST NEWS

24×7 Around the Globe

“Sansui Colors Stardust” හි හොඳම නිළිය සෝනම් කපූර්..

වාර්ෂික පවත්වනු ලබන “Sansui Colors Stardust” ඉන්දීය සිනමා සම්මාන උලෙළේදී වසරේ හොඳම සිනමා නිළිය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට “නිර්ජා”  චිත්‍රපටය සමත් විය.

සෝනම් කපූර් මෙවර සම්මාන උලෙළේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් අතර, ඇයට කර්තෘවරුන්ගේ කැමැත්ත උදෙසා පිරිනම හොඳම නිළි සම්මානයද හිමි විය.

හොඳම චිත්‍රපටය ලෙසද “නිර්ජා” සම්මාන දිනාගත් අතර, හොඳම සහාය නිළිය ලෙස එම චිත්‍රපටයේ රඟපෑ සබානා අස්මි සම්මාන දිනාගත්තාය.

හොඳම දුෂ්ට නළුවා ලෙස “නිර්ජා” චිත්‍රපටයේ රඟපෑ ජිම් සෝරබ් සම්මානයට පාත්‍ර විය.

මෙම සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස සල්මාන්ද, කර්තෘවරුන්ගේ හොඳම නළුවා ලෙස ෂාරුක්ද, ප්‍රේක්ෂයන්ගේ කැමැත්ත මත හොඳම නළුවා ලෙස අමිතාබ් බච්චන්ද සම්මාන දිනාගත්හ.