FAST NEWS

24×7 Around the Globe

40 හැවිරිදි රාක්‍ෂේ සුනඛ සුරතලුන් හත්සිය තිස්පහකගේ පියා වෙයි… (ඡායාරූප)

 

වෘත්තීයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයකු වන හතළිස්පස් හැවිරිදි රාක්‍ෂේ ශුක්ලා හව්හරණක් නැති සුනඛයන් හත්සිය තිස්පහක් පියෙකු මෙන් සෙනෙහසින් රැකබලාගනියි.

කර්නාටක ප්‍රාන්තයේ අක්කර තුනහමාරක පිහිටි ගොවිපළක මෙම සුනඛ අනාථාගාරය ඔහු විසින් පිහිටුවාගෙන ඇති අතර රාක්‍ෂේට ඔවුන් දක්වන ආදරය එහි යන ඕනෑම අයෙකුට පැහැදිලි වෙයි.

කිසිදු හව්හරණක් නැති සුනඛයන් පමණක් භාරගන්නා ඔහුගේ ගොවි ‍පොළෙහි විවිධ වර්ගවලට අයත් සුනඛයන් මෙන්ම සාමාන්‍ය සුනඛයන්ද වේ.

මින් වැඩි දෙනා වීදි සුනඛයන් වන අතර අයිතිකරුවන් විසින් අත්හරින ලද සුනඛයන්ද ඒ අතර සිටින අතර පසුගියදා එසේ ඔහු විසින් ගෙනා විවිධ වර්ගවලට අයත් සුනඛයන් විසි දෙදෙනා අතරමං වී තිබුණේ ඔවුන් හදාවඩාගත් ධනවත් ව්‍යාපාරිකයා කිසිවෙකු විසින් ඝාතනය කරනු ලැබිම හේතුවෙනි.

තමා වෙත එනවිට මේ ඇතැම් සුනඛයන් රෝගීව හා සාංකාවෙන් යුතුව සිටින බව කියන රාකේෂ් “මගේ බබාලා” ලෙස ඔවුන් හඳුන්වන අතර තමාව හඳුන්වන්නේ ඔවුන්ගේ පියා ලෙසටය.

වසර දහයකට පෙර තම බිරිය සමග එක්ව මෘදුකාංග ව්‍යාපාරයක් ඇරඹූ රාක්‍ෂේ සතියකට දින තුනක් හෝ හතරක් මෙම ගොවි‍පොළේ ගත කර තිබේ.

එසේම පුහුණුව ලැබූ පශු වෛද්‍ය සහයකයන් ඇතුළුව දස දෙනෙක් සේවය කරන මෙම ගොවි‍පොළෙහි රාකේශ්ගේ සුනඛ සුරතලුන් සඳහා සියලු පහසුකම් ඇති අතර දිනකට ඉන්දීය රුපියල් හතළිස්පන්දහසේ සිට පනස්දහස දක්වා මුදලක් මෙම සුනඛයන් වෙනුවෙන් වැයවන බවද, තමා වෙනුවෙන් සුඛෝපභෝගි භාණ්ඩ ගැනීම වෙනුවට එම මුදල් මේ අසරණයන් සඳහා යොදවන බවද රාක්‍ෂේ පැවැසීය.

ඡායාරූප පහතින්..

වෘත්තීයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයකු වන රාක්‍ෂේ් ශුක්ලා

ශුක්ලා ගේ ප්‍රථම සුරතළිය